ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට හදිසියේම හමුදාව සහ පොලීසිය කැඳවා තිබූ බව අප වාර්තාකරු පවසනවා.
පසුගිය 03වනදා රාගම සහ කඳාන යන ප්‍රදේශවල වෙඩිතැබීම් සිද්ධීන් වාර්තා වූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගියා.
මේ හේතුවෙන් අදාල ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි පරීක්ෂාකිරීම් සහ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීම සඳහා මෙලෙස හමුදාව සහ පොලිසිය යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව මාර්ගයේ ගමන්ගත් වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකළ බවද අප වාර්තාකරු පවසා සිටියා
0 Comments