සිය සුඛෝපභෝගී කැබ් රථය ද සමග දින කිහිපයක සිට අතුරුදන්ව සිටි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ වාහන සේදුම් ස්ථානයක කසළ වළක තිබියදී සොයාගෙන තිබෙනවා.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගියදා පැවැති සාදයකදී මිතුරෙකු විසින් ඔහුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර එම කසළ වළට දමා තිබූ බවයි.
මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයශාන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වැනිදා රාත්‍රියේ නිවසින් බැහැරව ගොස් ඇතත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව පසුගිය 1 වැනිදා මාරවිල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ව්‍යාපාරිකයාගේ ඩබල් කැබ් රථය සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ වෙන්නප්පුව ප්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසක තිබියදීයි.
පසුව එම මිතුරා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම ව්‍යාපාරිකයා ඝාතනය කළ බව අනාවරණ කරගැනීමට වෙන්නප්පුව පොලිසියට හැකි වුණා.
එම ව්‍යාපාරිකයා ඉකුත් 30 වැනිදා රාත්‍රියේ ඔහුගේ මිතුරන් 4 දෙනෙකු සමග එකම ස්ථානයක මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී තමන් ඔහුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.
පසුව ඔහුගේ සිරුර සැකකරු විසින්ම වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ තමන් සේවය කරන වාහන සේදුම් ස්ථානයේ අපවිත්‍ර ජලය එකතුවන කසළ වළකට දැමූ බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.
ඒ අනුව ව්‍යාපාරිකයාගේ නිරුවත් සිරුර කසළ වළෙන් ගොඩගැනීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මාරවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේයී.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර හලාවත මහ රෝහලට රැගෙන ගියා.
මෙලෙස ඝාතනයට ලක්වූ ජයශාන් ටයර් ව්‍යාපාරිකයෙක්. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව වෙන්නප්පුව පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් තිදෙනා පිළිබඳ කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් අදාළ ව්‍යාපාරිකයා සමග එදින සාදයට එක්වූ මිතුරන් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර ගත් බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.
0 Comments