Hot Posts

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට පණිවුඩයක්

 

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඔ

 
හු සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ ඊයේ දිනයේ පමණක් සිව්දෙනෙකුට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බවයි. 
 

ඉන් එක් අයෙකු නිවාඩු ගත කර නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර ඉතිරි තිදෙනාට එවැනි අපේක්ෂාවක් නොමැති බව තානාපතිවරයා සදහන් කළා. මේ අතර ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වන අද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතින බව ද ඔහු සදහන් කළා.

Post a Comment

0 Comments