Hot Posts

ට්‍රම්ප්ගෙන් දැඩි තීන්දුවක් – ඉරාන – ඊශ්‍රායල් යුද්ධයට අමෙරිකාවේ මැදිහත් වීම සති දෙකක් තුළ





‎ඉරාන – ඊශ්‍රායල් යුද්ධයට අමෙරිකාවේ සෘජු මැදිහත් වීම ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇති සම්භාවිතාව මත තීරණය වනු ඇතැයි ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

‎ධවල මන්දිර මාධ්‍ය හමුවකදී, මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා ඇත්තේ ඒ සඳහා සති දෙකක කාලයක් ඉතිරිව පවතින බවයි.

‎ඉරාන – ඊශ්‍රායල ගැටුමට අමෙරිකාවේ සම්බන්ධ වීම පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක් ඇතුළත තීරණය කරනු ඇති බව ධවල මන්දිරය එහිදී පැවසුවා.

‎කෙසේවෙතත් සාකච්ඡා සඳහා ද සැලකිය යුතු අවස්ථාවක් ඇති බැවින්, ඉදිරි සති දෙක ඇතුළත ඉරාන – ඊශ්‍රායල ගැටුමට අමෙරිකාව සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇති බවයි ධවල මන්දිරය පැවසුවේ.

‎ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහරදීමේ සැලසුම අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණ ද ඊට අදාළ අවසන් තීරණය ලබාදී නොමැති බවයි එහිදී වාර්තා කර තිබුණේ.

‎කෙසේවෙතත් මීට පෙර, ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ මෙම ගැටුමට අමෙරිකාව සම්බන්ධ වුවහොත් එය කලාපයේ “නිරය” වනු ඇති බවයි.

‎මේ අතර ඉරාන – ඊශ්‍රායල් යුද්ධයට සතියකට පසු, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

‎නමුත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවද එම වාර්තාවල සඳහන්.


Post a Comment

0 Comments