Hot Posts

බොර තෙල් බැරලයක මිල තවත් ඉහළට

 

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ (19 වැනිදා) දිනයේදී එක්සත් ජනපද ඩොලර් 77.34 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.


එය සියයට 1.14 ක පමණ මිල ඉහළ යාමක් වන අතර, පසුගිය මාසයට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 18.62 කින් පමණ ඉහළ ගොස් තිබේ.


ඉරානය සහ ඊශ්‍රාලය අතර යුද ගැටුම් ආරම්භයේදී බොර තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 63 ක පමණ අගයක පැවතුණි.


මෙම යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් බොර තෙල් මිල ගණන් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Post a Comment

0 Comments