ඉදිරි දිනවලදී ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාර පිළිබදව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවධානය යොමු කළ යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ,ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශවලට එල්ල වූ බවයි.
එමෙන්ම, හයිෆා නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පැරණිතම මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල වූ බව ද ඔහු සදහන් කළා.
එමෙන්ම, ප්‍රහාර හමුවේ එරට රැදී සිටි දෙදෙනෙකු ද ඊයේ ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට කටයුතු කළ බව ද තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
0 Comments