Hot Posts

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් ?

 

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවත අසත්‍යයි බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් ගෙවීමට සිදුවන බවට වූ පුවතක් මෙම දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. 
 
මේ පිළිබඳව අප කළ විමසීමකදී රථ වාහන දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කර සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් වන බවයි. 
 
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කර සිටියේ. එමෙන්ම මෙම පුවත අසත්‍යක් බව ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවෙහිද සටහනක් තබා තිබෙනවා.

Post a Comment

0 Comments