Hot Posts

වාහන 15,000 ක අංක තහඩු මුද්‍රණයට ගොඩගැසේ

 

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාලයක් අඩාලවීම නිසා මේ වන විට වාහන 15,000 ක පමණ අංක තහඩු මුද්‍රණය කිරීම සදහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා. 

 
ඔහු කියා සිටියේ, අදාළ මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ප්‍රමාද වීමක් මත පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු නවතා දමා ඇති බවයි. 
 

කෙසේ වෙතත්, අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් මේ වන විට සමාගම් පහළොවක් ඒ සඳහා ඉදිරිපත්ව තිබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සදහන් කළේ.

Post a Comment

0 Comments