මේ සිද්ධිය ගැන බොහෝ දෙනා කතා බහ කළා.. ඔහු ඇත්තටම සියදිවි නසාගත්තේ මේ හේතුව නිසාද..?
මේ කතාවේ විමර්ශන තාමත් ක්‍රියාත්මක වන අතරතුර මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්..
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරනවා..
කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම්දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළා..
සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම කෝටිපති ව්‍යාපාරිකයා මුදාහළ බව පොලිසිය පවසනවා..
පිළිමතලාව ප්‍රදේශයේ ඉපැරණි වලව්වක් විකිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතර ආරවුලක් තිබී ඇති අතර වලව්ව සහිත ඉඩම මතක දී කෝටි දෙකහමාරකට විකුණා ඇතත් එය කෝටි පහකට විකිණීමට බලාපොරොත්තු ව සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළා..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..

0 Comments