Hot Posts

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි

 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (01) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙලෙස ප්‍රභල අකුණු අනතුරු ඇති විය හැකි බවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

Post a Comment

0 Comments