Hot Posts

පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් - සිසුන් දෙදෙකුට දිවි අහිමි වෙයි


 ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි කතෝලික පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.


එම වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් වයස අවුරුදු 8 සහ 10 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

තුවාල ලැබූ 17 දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු තමාටම වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතී.

Post a Comment

0 Comments