Hot Posts

රංචු පිටින් නීතිවිරෝධී වැඩකට ගිය පොලිස් ලොක්කෙකුගේ බිරිඳට සිදුවූ දේ මෙන්න..

 

නීතියේ ඇස් වසා සිදුකරන්නට ගිය තවත් වැඩක් ගැන වාර්තා වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 

ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිදන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිද ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

අනුරාධපුර පොලිසිය විසින් මේ බව සඳහන් කළා..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල,මාලිගාතැන්න,පදවි-ශ්‍රීපුර,ගිරාදුරැ කොට්ටේ,වරකාපොල හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 35ත් 58ත් අතර වියේ පසුවන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙක්..

මොවුන් ශ්‍රාවස්තිපුර,තිබිරිකවල ප්‍රදේශයේ පිහිටි රත්ත්‍රරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක නිදන් හාරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා..

අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිද බවට හදුනා ගෙන ඇති අතර, නිදන් හැරිම සදහා ඔවුන් විසින් භාවිතා කළ උදළු,අලවංගු,යකඩ ඉනි වැනි ආයුධ කිහිපයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබුණා

Post a Comment

0 Comments