Hot Posts

නාන කොට දුන්න දඩුවම

   

මේ කියන්න යන්නේ අසල්වැසි ගෙදරක ඇතිවුණු බහින්බස්වීමක් නිසා ඔහුට අත්වුණු අවාසනාවත ඉරණමක් ගැන කතාවක්..

මේ කතාව ඇසෙන්නේ අගලවත්ත ප්‍රදේශයෙන්.. 

කාන්තාවක් නාන ආකාරය බලා සිටීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පසු පුද්ගලයකුට ඇසිඩ් ගසා තුවාල කළ බව කියන අඹු සැමි යුවළක් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා..

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවටයි දැනගන්නට ලැබෙන්නේ..

ඉකුත් 08 වැනිදා රාත්‍රී 7.05ට පමණ එල්ලවූ මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය පිඹුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා..

තුවාලකරුගේ පුත්‍රයා අසල්වැසි සැකකාර කාන්තාව නාන ආකාරය බලා සිට ඇති බවත්, ඔවුන්ගේ නිවසේ ජනේලයකින් එබිකම් කර ඇති බවත් ඉන්පසු ඇතිවූ බහින්බස්වීම දුර දිග යෑමෙන් පසු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා වී ඇති අතර, ඇසිඩ් ප්‍රහාරය එල්ලවීමෙන් පසු වතුර පයිප්පයෙන් මුහුණත් පපුවත් සෝදා තුවාලකරු තමාට ඇසිඩ් ගැසුවේ මන්දැයි විමසමින් රාත්‍රී 12.20ට පමණ සැකකරුවන්ගේ නිවස වෙත ගිය අවස්ථාවේ ඔවුන් නැවතත් ඇසිඩ් ප්‍රහාරයක් මොහුට එල්ලකර තිබෙනවා..

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ..

දිවයින පුවත්පත ඇසුරෙන්... 

Post a Comment

0 Comments