ඇය අග නගරයෙන් ඈත පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියක්. තරුණ වියේ පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියක්.
පසුගිය මාස් කන්නයේ ඇය තම අක්කර බාගයක ගෙවත්තෙහි බඩ ඉරිඟු වගා කළා.
බඩ ඉරිඟු කරල් මෝරාගෙන එන සමයේ හේනට කඩා වැදුණු වල් අලියකු එක රැයකින් බඩ ඉරිඟු වගාව කා දැම්මා ...
අතමිටේ තිබුණු මුදලින් ආදායමක් උපයා ගැනීමට බඩ ඉරිඟු වගා කළ මේ ගෙවිලියට සිදු වූ පාඩුව ගැන සහනයක් පැතුවේ ගමේ ගොවි නිලධාරියකුගෙන්. ඒ ගැන ඇය ඔහුට කරුණු කීවා.
ඇගේ ඉල්ලීම ඉටු කිරීමට ඔහු මෙහෙම කිව්වා.
" හරි මං උඹට ඔය බඩ ඉරිඟු අක්කර බාගෙට අක්කරේකම වන්දියක් අරන් දෙන්නම්."
"ඒ මහත්තයෝ, අර කොහොමද අක්කර බාගෙට අක්කරේක වන්දියක් අරන් දෙන්නෙ."
"හරි, හරි. මං ඒක බලාගන්නම්. උඹට තියෙන්නෙ ඒකට මට පොඩි චාන්ස් එකක් දෙන්න විතරයි.
" කවුරුත් නැති වෙලාවක මං ගෙදර පැත්තෙ එන්නම්." එහෙම කිව්ව ඒ නරුමයාගේ ඇස්වල තිබ්බේ මහ අමුතු බැල්මක් ....
මට පොඩි චාන්ස් එකක් දෙන්න ...
එහෙම කියමින් ඔහු නැගිට ඇවිත් ඇයව තුරුල් කරගන්න හැදුවා ...
" චාටස් "
ඇය හයියෙන් කම්මුල් පාරක් ගැහුවා...
ඇය කේන්තියෙන් පොලීසියට ගිහින් නිලධාරියා කරන්න ආපු දේ ගැන වහාම පැමිණිලි කළා...
උපුටා ගැනීමක්

0 Comments