Hot Posts

රටපුරා මෙහෙයුම්

 

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වන පුළුල් සෝදිසි මෙහෙයුම් මාලාව තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (26) දිනය පුරා දිවයින පුරා සෝදිසි මෙහෙයුම් රැසක් සිදුකර තිබෙනවා.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළුව 7,600කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.


එහිදී පුද්ගලයන් 24,343 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, වාහන 9,727ක් සහ යතුරුපැදි 7,396ක් පරීක්ෂා කර තිබෙනවා.


මෙම මෙහෙයුම් අතරතුරදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 1,182 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 මිලිග්‍රෑම් 159ක් සහ හෙරොයින් ග්‍රෑම් 220 මිලිග්‍රෑම් 415ක් ඇතුළුව විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මෙම විශේෂ වැටලීම්වලදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 20 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 410 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා

Post a Comment

0 Comments