
මම සාමාන්‍ය පෙළ ඉවර වුණ ගමන් , ජොබ් එකක් කරන්න ගියා කඩේක. ඒ ෆුඩ් සිටි වගේ එකක්. පස්සේ මම එකේ වැඩ කරා මාස 4ක් වගේ. මගේ වියදම් ටිකත් ශේප් කරගෙන මාස 4ට ලක්ෂ දෙකක් වගේ මං ඉතිරි කරගත්තා. ඒ වීල් එකක් ගන්න තියන ආසාවට.
මම පස්සේ වීල් එකේ හයර් දුවන්න ගත්තා. ඒ ගොඩක් මං ආසා කරන ජොබ් එකක් නිසා. දවස් යද්දී මට හයර් එකක් සෙට් වෙනවා ඔෆිස් අක්කා කෙනෙක්ගේ . ඒක හැමදාම උදේ හවස එක්කන් යන්න හම්බුනා මගේ හා හා පුරා අනිවරෙන් දුවන්න තියන හයර් එකක් නිසා මට වීල් එකේ පොඩි ලීස් එකටත් පොඩි සහනයක් වුණා. කොහොම හරි කාලයක් යද්දී ඒ අක්කා මාත් එක්ක ගොඩක්ම ෆිට් වුණා. එයා බැදලා හිටියේ. හැබැයි මිනිහා ඉන්නේ රට. පස්සේ පස්සේ ගෙදරට බඩු ගේන්න ගෑස් ගෙන්න හැමදේටම මාව ඕනි වුණා..
ඔහොම යද්දී තමයි අක්කා එක්ක මං ටිකක් තනි වෙන්න පටන් ගත්තේ. ඒ අක්කගේ පවුලේ ගොඩක් ප්‍රශ්ණ. ඒ කියන්නේ මිනිහා එක්ක ඉන්න බැහැ ලු එයාව තේරුම් ගන්න බැහැ වගේ පවුල් ප්‍රශ්නත් මාත් එක්ක කියන්න ගත්තා. ඒ දුක අහන ගමන් මගේ හිතේ අක්කට ආදරයක් ඇති වෙනවා.
ඒ ආදරේ මොකක් ද කියලා මට තේරුම් ගන්න බැහැ හැබැයි මට ඕනි මෙයා එක්ක ඉන්න. අක්කට සල්ලි තියනවා. මොකද මිනිහා ලොකු ගානක් මාසෙට මෙයට දානවා වියදමට. අනික ,මෙයත් ජොබ් එකක් එහෙම කරන නිසා මෙයාගේ අතේ හොදට සල්ලි ගැවසුණා. මටත් හොදට වියදම් කරනවා. මගේ ලීස් එක ගෙවන්නත් අක්කා මට උදව් කරනවා.
කාලෙත් එක්ක අපේ සම්බන්දෙ වැඩි වුණා. මත අක්කගේ ගෙදරම නතර වුණේ එයාගේ හස්බඩ් රට නිසා තවත් බයවෙන්න දෙයක් නැති නිසා. අක්කා මට ආදරේ කරනවට වඩා එයාට මගෙන් ඕනි වුණේ මාත් එක්ක එකට ඉන්න. එයා ගොඩක් වල් කියලා දැනගත්තේ අපි දෙන්නගේ සම්බන්දෙ පටන් ගත්තම. ඔහොම යද්දී මගෙන් අක්කට බබෙක් හම්බවුණා. අපි දෙන්නට දෙන්න ආදරේට වඩා ආදරේ කරේ ලිංගිකත්වයට. ඒක නිසා අපි දෙන්නට ගොඩක් ප්‍රශ්ණ වලට මූන දෙන්න වුණා. මට අක්කව එපා වෙන්න ගන්නේ ඊට පස්සේ..
සමහර දේවල් ජිවිතේ වෙනස් කරනවා. මං අක්කවයි දරුවයි දාලා පැනලා ගියා. මං අදටත් දන්නේ නැහැ ඒ දෙන්නට මොකද වුණේ සහ එයාගේ හස්බන් මේ ගැන දන්නවද කියලා..
0 Comments