Hot Posts

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

 



ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (07) පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා විදුලිය අත්හිටුන බැවින් පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අක්ෂිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. 

 
ඒ අනුව, පැලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබනවා. 
 

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවිමටයි කටයුතු කර ඇත්තේ.

Post a Comment

0 Comments