Hot Posts

මහනුවර උන දේ

 

මේ මහනුවර නගරයේ රූපලාවණ්‍ය ආයතනයකින් ඇහෙන කතාවක්...

මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක වූ රූපලාවණ්‍ය ආයතනයක් තුළදී හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර, එහි සියලු දොර ජනෙල් වසා දමා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවූ විෂ වායු තත්වයක් හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති බවයට පොලිසිය විසින් සැක කරනු ලබන බවයි.

සිද්ධිය අනාවරණය වී ඇත්තේ, අසල වෙළඳසැලක සේවකයෙකු, රූපලාවණ්‍යාගාරයේ ඉදිරිපස සිහිසුන්ව බිම වැටී සිටි තරුණියක් දැකීමෙන් වන අතර, තවත් කිහිප දෙනෙකු සමග පැමිණ දොර විවෘත කර ඇතුළට ගිය අවස්ථාවේදී තවත් තරුණියන් සය දෙනෙකු සහ පුද්ගලයෙකුද සිහිය නොමැතිව වැටී සිටින අයුරු දැක තිබෙනවා.

මෙම පිරිස විසින් වහාම පොලිසිය දැනුවත් කර ඇති අතර, සිහි නොමැතිව සිටි පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සය දෙනෙකු මහනුවර ජාතික රෝහලටද, තවත් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකටද ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Post a Comment

0 Comments