මීමුරේ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් තවත් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මේ අනූව, එම අනතුර හේතුවෙන් වූ මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එම අනතුර නිසා කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම තුවාල ලැබූ අවුරුදු 5 ක දරුවෙකු සහ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය පවසනවා.
0 Comments