Hot Posts

අනියම් පෙමක් ගිය දුරක්

 

මේ කියන්න හදන්නේ මේ වෙලාවේ ලෝකෙ ජනප්‍රියම කපල් එක ගැන.

ඔහු ලෝකෙ ප්‍රධානතම තාක්ෂණික සමාගමක් වන Astronomer හී ප්‍රධානියා වගේම බිලියනපතියෙකු වන Aundy Byron ... ඇය ඔහුගේම ආයතනයේ මානව සම්පත් ප්‍රධානියා Kristin Cabot ... තවත් විදියකින් කියනවානම් Chief People Officer ලෙස සේවය කරන තැනැත්තිය...

ඔන්න ඉතිං මේ දෙන්නා බොහොම ආදරෙන් තුරුළු වෙලා ඉන්න මොහොතක් අහම්බෙන් කැමරාවක සනිටුහන් වුණා.. ඊට පස්සේ සිදු වුණේ හිතා ගන්නවත් බැරි දේවල් පෙළක්..


මේ දෙන්නා විවාහක යුවලක් නෙමයි. මේක අනියම් සමිබන්ධයක්. ඔව් ඔබ කියෙව්වා නිවැරදියි.. මේ අනියම් සම්බන්ධය එක මොහොතකින් ලෝකය පුරා පැතිරුණා...

මේ ජෝඩුව මේ විදියට කැමරාවට අහුවෙන්නේ ඊයේ ඇමරිකාවේ තිබුනු සුපිරි සංගීත ප්‍රසංගයක් වන Coldplay ලාගේ ප්‍රසංගයකදී.

ඒ වෙලාවේ වාදනය වෙච්ච සංගීතයට තුරුළු වෙලා නැලවෙමින් හිටපු දෙන්නා ඒ සංගීතයට වශී වෙලා , එයාලගේම සිහින ලෝකයක අතමංවෙලා තමයි ඉන්නේ. එයාලට කොච්චර හිත ගිහිල්ලා තිබුනද කියනවා නම් මුළු ලෝකයම අමතක වෙලා වගේ තමයි ඒ මොහොත නිර්මාණය වෙලා තිබුනේ. ඒ අතරතුර තමයි Coldplay ලාගේ Kiss Cam එක කපල් එක වෙත යොමු වෙන්නේ. නොසිතපු මොහොතක , Aundy , Kristin දිහාවට කැමරාව යොමු වුණාට පස්සේ ඔවුන්ව පුළුල් තිරයෙත් දිස් වෙනවා. වැඩේ හබක් වෙනවා... දෙන්නා සෑහෙන්න කලබල වෙනවා ...

සංගීතයට වශී වෙලා එයාලගේම ලෝකෙක තනිවෙලා..බොහොම ආදරණීයව නැලවෙමින් ඉන්න මොහොතක මේ වුණු දේ එයාලට හිතා ගන්න බැරිවෙනවා කියලා වීඩියෝ එක බලන ඕනිම කෙනෙක්ට පේනවා.

වීඩියෝ එකේ පේන අතරෙම දෙන්නම එහේ මෙහේ දුවලා හැංගෙන්න හදද්දි ස්ටේජ් එකේ හිටපු Chris කියනවා “ බලන්න ඒ ගොල්ලෝ එක්කො එයාලා අනියම් සම්බන්ධයක්, එක්කෝ දෙන්නා ඇත්තටම ලැජ්ජාශීලී” කියලා. ඒකෙන් වැඩේ තවත් නරක අතට හැරෙනවා..

කොහොම උනත් අද උදේ වෙනකොට Andy ගේ බිරිද සියළුම සමාජ මාධ්‍ය වලින් සිය සැමියාගේ surname එක අයින් කරගෙන. ඒ අතරේ Andy Byron සමාව ඉල්ලා නිකුත් කරා කියන ඉතා ආකර්ශණිය ලියුමකුත් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. ඒ ලිපිය ගැන හරි විදිහේ තහවුරු කිරීමක් වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ... 

Post a Comment

0 Comments