Hot Posts

බෝඩිං ජීවිතේ

 

හමුවීම් වෙන්වීම් අපේ ජීවිතයේ ඇතිවන සම්බන්ධකම් අතර විශේෂයි. ව්‍යාජ බැඳීම් අව්‍යාජ බැඳීම් අතර සමහර සම්බන්ධතා අවසරයකින් වගේම අවසරයකින් තොරවත් හටගන්නවා. 

ඒක නිසාම තමයි සම්බන්ධකම් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. බැඳීම් අපේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතුකරනවා.‍

සම්බන්ධකම්වලට බොරු කරන්න කරන්න සම්බන්ධතා පෙරළා අපට බොරු කරනවා.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ.

මේ කතාව ප්‍රියන්ත ගැනයි.

ප්‍රියන්ත කියන්නෙත් දුප්පත් තරුණයෙක්. අම්මාගේ ආදරේ ඇරුණම ප්‍රියන්තට පණ වගේ ආදරේ කරපු පෙම්වතියකුත් හිටියා.

ගමේ හිටපු මේ දුප්පත් තරුණයාට කොළඹට එන්න සිද්ධ වෙන්නේ රැකියාවක් කරන්න ඕනි නිසාමයි.

ඒ වෙනකොට දැන අඳුනගත්ත ප්‍රියන්තගේ යාළුවෙක්, ප්‍රියන්තට කොළඹ කරක් ගහන්න උගන්වනවා.

පොඩි කාලේ කරපු ‘මැකැනික් කෝස්‘ එකට පින්සිද්ධ වෙන්න ප්‍රියන්තට ගරාජ් වැඩ හුරුයි.

කොළඹ නොතේරෙනකොට ප්‍රියන්තට කොළඹ ගැන කියලා දුන්නේ ප්‍රියන්තගේ යාළුවා.

මේ දෙන්නා පදිංචි වෙලා හිටියේ ගරාජයේ තිබුණු පුංචි කාමරේක. හැබැයි කාලය ගතවෙද්දි එතන ඉඩ පහසුකම් මදි කියලා මේ දෙන්නට තේරුණා.

ඒ නිසයි කුලියට කාමරයක් හොයාගන්න මේ දෙන්නා කථිකා කරගත්තේ.

මේ දෙන්නාගේ නවාතැනේ භාරකාරිය මැදිවයසේ කාන්තාවක්. හැමෝටම ‘බෝඩිමේ අක්කා‘ වුණු ඇයගේ සැමියා හිටියේ විදේශගත වෙලා. ඇය බොහෝම කරුණාවෙන්, ආදරෙන් කතාබහ කරන නිසා ප්‍රියන්ත ඇය ගැන හුඟාක් පැහැදෙනවා.

දින ගණනක් ගතවෙද්දි ප්‍රියන්තට තේරුණා, ‘බෝඩිමේ අක්කා‘ ඕනෑවට වඩා තමන්ට ලෙන්ගතුකම් පාන වග.

ඒ සම්බන්ධය දුර දිග යන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක කොයි තරම් සමීප සම්බන්ධයක් වුණාද කිව්වොත්, ‘බෝඩිමේ අක්කාගේ‘ සැමියා රට ගිහින් එනතුරුම ඒ සම්බන්ධය පැවතුණා.

ඒ වෙනකොට ප්‍රියන්තගේ ලෝකෙම වෙලා හිටියේ මේ අක්කා. ගමේ හිටපු අම්මාවත්, පෙම්වතියවත් අමතක වුණූ ප්‍රියන්ත තමන්ගේ හැම විනාඩියක්ම වැය කළේ ‘බෝඩිමේ අක්කා‘ වෙනුවෙන්.

සැමියා ඉන්න තැන මඟ ඇරලා හිටියත්, සැමියා නැති තැන ප්‍රියන්ත එක්ක ලිංගිකව එකතු වෙන්න ‘බෝඩිමේ අක්කා‘ අමතක කළේ නැහැ.

ඒත් හිටි හැටියේ ඇය අතුරුදහන් වෙන්නේ ප්‍රියන්තට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්. ආරංචි වුණූ හැටියට සැමියා එක්ක විරසක වෙලා ඇය පිටමං වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.

ඒත් ඇත්තම කතාව ප්‍රියන්තට ටික දවසකින් ආරංචි වුණා. ඒ තමයි ‘බෝඩිමේ අක්කා‘ සමාජ රෝගයකට ප්‍රතිකාර ගන්න නේවාසිකව නැවතිලා ඉන්න කතාව.

අතරමඟදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.

Post a Comment

0 Comments