Hot Posts

අම්මා නිසා දුවගේ ජීවිතේ විනාස උනා

 

වයස අවුරුදු පහළොවක් වූ බාලවයස්කාර දැරියට ලිංගික අතවර කිරීම සඳහා අනියම් පුරුෂයාට ආධාර අනුබල දුන් දැරියගේ මව සහ දැරියට අතවර කළ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගනී.

මෙම දැරියගේ පියා පවුලෙන් වෙන්ව ඇත.

ලිංගික අතවරයට ලක්වූ බාල වයස්කාර දැරිය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සහ 
දෙපාර්ශ්වයම පොලිසියට පැමිණ තිබූ අතර මවට පහර දීමට තැත් කිරීම සහ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන නිසි භාරකාරත්වයක් නොමැතිවීම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගෙන තිබේ.

නිසි භාරකාරත්වයක් සහ රැකවරණයක් නොමැතිව සිටි දැරිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ඉල්ලා දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත එම දැරිය ඊයේ (15දා) ඉදිරිපත් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.

එහිදී දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව පොලිසිය පවසයි. පසුව දැරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මවගේ අනියම් සැමියා විසින් ඉකුත් ජුලි මාසයේ සිට නිවසේ කාමරයක් තුළදී වරින් වර ලිංගික අතවර කළ බවට දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දැරියගේ මව කඩයක් පවත්වාගෙන යන බවත් දැරිය පාසල නිම වී මව සිටින ස්ථානයට යන බවත් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. පාසල නිම වී දැරිය මව සිටින කඩේට ගිය විට මවගේ යතුරුපැදිය ඇයගේ අනියම් සැමියාට ලබා දී දැරිය එම අනියම් සැමියා සමග නිවසට පිටත් කර යවන බවත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා මවගේ අනියම් සැමියා දැරිය බියට පත් කර තර්ජනය කරමින් දැරියට ලිංගික අතවර කළ බවට දැරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. දැරියගේ මව සහ අනියම් සැමියා පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments