Hot Posts

දරුවගෙ ජීවිතයම කෙලසූ මව

 


කොලඹ  විසූ මවක් සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26ක තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම අම්මාගේ තරුණ දියණියට සිදු වූ පුවතක් වාර්තා වෙනවා.

ඔහු ඇයව රූ ගත කරලා👇

සිදුවීම මෙසේය. 
 
මෙම කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වේ. මැයට දූවරුන් තිදෙනෙක් සිටිති. 
 
ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසුවන අතර මෙම කාන්තාව තම දියණියක් සරණ පාවා දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතු ද කරවා ගනිමින් තරුණයාව නිවසේ නතර කර ගත්තාය. 
 
කාලය ගෙවී යද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තාය. 
 
මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමටය. 
 
මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදිය රැගෙන යමිනි. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූවාය.
 
මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සමඟ නිවසින් පැන ගියහ. 
 
දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට (දුව) අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළාය. 
 
එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට පැමිණිලි කළාය. 
 
මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළාය. 
 
පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් පොලිසිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළාය. 
 
වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසාය.

Post a Comment

0 Comments