Hot Posts

ගංවතුරින් 24ක් මරුට; ළමුන් 25ක් අතුරුදන්


 අමෙරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එමෙන්ම ළමුන් 25 දෙනෙකු අතුරුදන්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.

ග්වාඩලූප් ගඟේ ජලය ගලා ගොස් එහි සාමාන්‍ය ජල මට්ටමට වඩා අඩි 30ක් පමණ ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

තවද, 200කට වැඩි පිරිසක් බේරාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා 14ක් සහ ඩ්‍රෝන යානා 12ක් යොදවා තිබෙනවා.

500 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායම් 9ක් ද විපතට පත් වුවන් මුදවා ගැනීම සදහා යොදවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ළමයින් 700 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පැවති ගිම්හාන කඳවුරක සිටි ළමයින් 25 දෙනෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

Post a Comment

0 Comments