Hot Posts

Starlink උපාංග කට්ටල 112ක් දැනටම ලංකාවට එවලා; ළඟදීම වැඩ පටන් ගන්න ලෑස්තියි

 


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් සිදුකරන අධීක්‍ෂණ මෙහෙයුම්වලින් අනතුරුව ස්ටාර්ලින්ක් (Starlink) හි සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පවසනවා. 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මේ වන විට, Starlink විසින් තාක්ෂණික උපාංග කට්ටල 112ක් එවා ඇති බවත්, ඉන් පළමු 12 දැනට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර බෙදා හරිමින් පවතින බවයි. 
 
ඒ අනුව එම අධීක්ෂණ සතිය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවේ Starlink හි මෙහෙයුම් තවදුරටත් පහසු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව ද ඔහු පවසනවා. 
 
එහි දී ඔහු සඳහන් කරන්නේ, තාක්ෂණික උපාංග කට්ටල බෙදාහැරීමෙන් පසු, තාක්ෂණික සහ ආරක්‍ෂිත අඛණ්ඩතාවෙන් යුතුව එම සේවාව සපයන්නේ දැයි විදුලි නියාමන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කළ යුතු බවත්, එහිදී අධීක්ෂණය කරන්නේ තාක්‍ෂණය, ආරක්ෂාව සහ පාරිභෝගික සේවාව නිවැරදි ආකාරයෙන් ලබාදෙන්නේ ද යන්න බවයි.

Post a Comment

0 Comments