Hot Posts

පාසල් ඇදුමින් සැරසී කල අමනා වැඩේ

 


මුදල් උපයා ගැනීමේ අරමුණින් පාසල් නිල ඇදුමින් සැරසී ලිංගික දර්ශනවල පෙනී සිටිමින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ සිසුවියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ විශ්ව විද්‍යාලයක වෝහාරික වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විෂය හදාරන සිසුවෙක්.



පිළිමතලාව ප්‍රදේශයේ ඇති ලැගුම්හලකට පැමිණි යුවලක් ලිංගික දර්ශන රූගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවට කඩුගන්නාව පොලිසිය ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අදාළ ලැගුම්හලට ගොස් ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ජංගම දුරකථන කිහිපයක්, ජංගම දුරකථන රදවන සහ ලැප්ටොප් පරිඝණකයක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

විමර්ෂනවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ලැගුම්හලේ කාමරය තුල ලිංගික දර්ශන රූගතකර ඇති බවටයි.

එලෙස රූගත කරන ලද දර්ශන අන්තර්ජාලයට යොමුකර ඇති අතර කලක සිට ඔවුන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවට සනාථ වී ඇත්තේ ඔවුන්ගේ අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් සංඛ්‍යාව ලක්ෂ 80ත් ඉක්මවා තිබීම හේතුවෙන්.



කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විවාහ ගිවස ගෙනද සිටින බව තහවුරු වී ඇති අතර දෙදෙනා අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

Post a Comment

0 Comments