Hot Posts

සහල් ආපහු හිඟ වෙයි ද?

එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට අනෙකුත්‍ සහල්වල ද හිඟයක් නිර්මාණය වනු ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයින් අනතුරු අගවනවා. 
 
කීරි සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට රජයට සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිසි දත්ත නොමැතිකම නිසා බවටයි ඔවුන් චෝදනා කළේ. 
 
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත්තේ කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙටි්‍රක්ටොන් 40,000ක් ආනයනය කිරීමටයි. 
 
ඉන් සහල් මෙට්‍රික්ටොන් 5,000ක් රජයේ ආයතන මගින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමට ද තීරණය කර තිබෙනවා. 
 
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ රටේ සහල් නිෂ්පාදනය සහ කීරි සම්බා තොග සම්බන්ධයෙන් රජය සතුව නිසි දත්ත නොමැති බවයි. 
 
ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හා අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.

Post a Comment

0 Comments