Hot Posts

රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් සිඟිත්තෙකු මියයයි

 

වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් හැටන් ෂැනන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය.

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නැමති මාස 14ක් වයසැති සිගිත්තෙකුය.

ඊයේ (15) රාත්‍රි 9:00ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව එම සිගිත්තාව වතු රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වතු වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වු සිගිත්තාව දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යාමට වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සහ කලද එහි රියදුරු නොසිටි නිසා පසුව පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් තිබෙනවා.

එලෙස දරුවා රැගෙන යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා පෙන්නූ බවත්, එහිදි එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කල නිසා යළිත් දරුවා දික්ඔය මූලික රෝහලවෙත රැගෙන ‍යාමට කටයුතු කළ බවයි දරුවාගේ මව්පියන් පවසන්නේ.

එහිදී දරුවා පරික්ෂාකළ වෛද්‍යවරුන් දරුවා මිය ගොස් ඇති බව පැවසූ බවද විරොධතිවයේ නියැලුනු දරුවාගේ දෙමව්පියන් සහ වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියා නොකරන බවද උද්ගෝෂණයේ නිරත වතුකම්කරුවන් කියා සිටියේ.

වතුකම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප වතුපාලන අධිකාරියෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය ව්‍යාර්ථ විය.

මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදි දරුවාට කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව තීරණය කර ඇත.

Post a Comment

0 Comments