ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට ආසන්න කාලයක් පවතින යුද්ධ ආරවුල මැද දෙපාර්ශ්වයෙන්ම දැඩි ප්‍රහාර හුවමාරුවක් සිදු වෙනවා.
ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බීර්ෂෙවා නගරයේ පිහිටි සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයට දැඩිව හානි සිදු වුණා.
කෙසේ වෙතත් ඉරානය සඳහන් කර සිටියේ මෙය හමුදා ස්ථානයක් ඉලක්ක කරමින් කළ ප්‍රහාරයක් බවයි. මෙම රෝහලට එල්ල කළ ප්‍රහාරය සඳහා ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය විසින් ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට (Arak heavy water nuclear reactor) වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ ප්‍රදේශයේ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති බව සහ පළාත්පාලන අධිකාරීන් පැවසුවේ එම ප්‍රහාරයට පෙර මිනිසුන් ඉවත් කරන ලද අතර මරන පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බවයි.
මෙය යුද්ධය ආරම්භ වී හත්වැනි දිනය වන අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික ආශ්‍රිත ස්ථානවලට ඉලක්ක කරමින් සිදුකළ විශාල ප්‍රහාරයකින් ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් මියගොස් තිබෙනවා.
0 Comments