Hot Posts

උසස් පෙළ සිසුවා වැවට බිලි

 

උඩගන්කන්ද වැවේ දිය නෑමට ගිය සිසුවෙක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20ක් වූ උසස් පෙළ හදාරමින් සිටි තරුණයෙක්. 
 
ගමේ පන්සලේ ඇසළ පොහොය නිමිති කර ඉදිකරනු ලබන තොරණේ වැඩකටයුතු සඳහා සහයෝගය ලබාදීමට උදෑසන මොහු නිවසින් පිටත්ව ගොස් ඇති අතර වැඩ කටයුතු අවසන් වී පසුව මිතුරන් සමග උඩගන්කන්ද වැවේ නෑමට ගොස් තිබෙනවා. 
 

දිය නාමින් සිටියදී සොරොව්ව සහ පිටවාන අතර ප්‍රදේශයේ දී එහි ගැඹුරු දියට එක්වරම ඇදී ගොස් දියේ ගිලී යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

Post a Comment

0 Comments