Hot Posts

යුද ගැටුම්

  


ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් තහවුරු කළේ, එරට හමුදා කඳවුරු සහ  ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

ඒ අනුව ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ.

මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහල්වල 40කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත්කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි සපථ කරමින් කියා සිටියේ, ඊශ්‍රායලය තමන්ට එල්ල කළ රාත්‍රී ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවයි.

ඒ අනුව එම ප්‍රකාශයෙන් පසු ඉරානය මෙම බැලස්ටික් මිසයිල  ඊශ්‍රායලයට එරෙහිව දියත් කර ඇත.

Post a Comment

0 Comments