Hot Posts

රට රැකියාවකට යන අකමැත්තට බිරිඳට, නැන්දම්මාට සහ නෑනාට හිත් පිත් නැති සැමියෙකු කළ දේ... මොරටුවම සලිත කළ බිහිසුණු අපරාධයක සුලමුල හෙළිවෙයි...

 


සම්පූර්න විඩියෝව

බිරිඳට, මවට සහ නැඟණියට පෙට්‍රල් දමා ගිනි තබා පොල්ලකින් හිසට පහරදී තුවාල කළ සැමියෙකු පිළිබඳව වාර්තා වනවා. 

පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනාම මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ. 

සැකකරුගේ බිරිඳ වන (28) හැවිරිදි දෙදරු මවට හා බිරිඳගේ මව සහ නෑනා යන දෙදෙනාටයි මෙසේ පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ. 
 
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මේ අපරාධය සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මොරටුව, අංක 02 ධීවර නිවාස, 08 වන පටුමග, ලුනාව ප්‍රදේශයෙන් අද (24) පස්වරු 12:20ට පමණ සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ. 
 
බිරිඳ විදේශගතව සිට මීට මසකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර නැවත විදේශගතවීම සඳහා කටයුතු සූදානම් කරමින් සිට තිබෙනවා. 
 
ස්වාමිපුරුෂයා එයට විරෝධතාවය දක්වා ඇති අතර ගැටලුව උසාවිය දක්වා ගොස් තිබෙන බව පැවසෙනවා. 
 
ඒ අනූව සියලුම දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් නැවත නිවසට පැමිණීමෙන් පසුවයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. 
 
මෙම සිදුවීමෙන් සැකකරුගේ බිරිඳ සහ නැන්දම්මා බරපතල තත්ත්වයෙන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. 
 

මේ අතර සැකකරු බිරිඳ විදේශගතවීම ඇසිඩ් ගසා හෝ නවතා දමන බවට කිහිපදෙනෙකුටම පවසා ඇති බව වාර්තා වනවා. 

Post a Comment

0 Comments