Hot Posts

ඇමරිකන් යානයක් බිම හෙලයි?


                      සම්පූර්න විඩියෝව



 මෙන්න මේ මගුල් රේඩාර් වලට අහුවෙන්නෙ නැත්තෙ නෑ.එහෙම රේඩාර් වලට අහුවෙන්නෙ නැති ඒවා තාම මේලෝකෙ හදලත් නැහැ ඉස්සරහට හදය් කියලා හිතන්ඩත් බැහැ.මොකද මගේ දැනුම අනුවනම් 100% Stealth කියන්නෙ physically impossible task එකක්. හැබැය් ඉතින් අමතක කරන්ඩ එපා තාක්ෂණය කියන එක දිනෙන් දින අලුත් වෙනවා කියන එකත්.


අපි හිතමුකො ඔය මොකක්හරි ක්‍රමයකින් 99.9%ක්ම Radar wave එක absorb කරාගත්තා කියලා.හැබැය් ඒ ඉතුරුවෙන ඉතුරු කෑල්ල කොහෙට භරිම බවුන්ස් වෙලා යනවා.ඒක ගිහින් කොහේ හරිම තියෙන radar sourceඑක වදිනවා.ඊට පස්සෙ ඉතින් සට පට සත්ත පඩි තමා 😅


Radar වල පාවිච්චි වෙන VHF, UHF, X-band අතරින් ගොඩක් Stealth aircraft optimize කරලා තියෙන්නෙ මේ Traditional radar වල භාවිතා වන X-band වලට.මේ නිසා මේ X-Band වගේ ඒවලින් මේවා Detect කරාගන්න එක Nearly Impossible කියන මට්ටම ආසන්නයෙ තියෙන්නෙ.


අනික මේකෙ තියෙන්නෙ රේඩාර් ක්‍රොස් සෙක්ශන් එක අඩු එක විතරය්. ඒ කියන්නෙ විශේශයෙන්ම B2 හදලා තියෙන ඩිසය්න් එක ගැන කියන්ඩ ඕනා.B2 කියන්නෙ තණිකරම පියාඹන පියාපතක්.මේ හැඩය නිසා radar source එකෙන් නිකුත් කරන Radar wave එක නැවත radar source එක වෙතම Reflect කරන එක අඩු කරලා ඒක වෙන පැත්තකට හරෝලා යවනවා.මීට අමතරව Angles and surfaces,smooth, Blended wing-body කියන එක,ඒවගේම යානයට පාවිච්චි කරලා තියෙන Radar-absorbing materials (RAM), Engine inlets සහා exhausts එකේ Design එක වගේ ඒවා බලපානවා.


මේකෙදි වැඩිම Heat signature එකක් නිකුත් කරන Engine exhaust එකත් වෙනත් යානාවල වගේ නෙමෙ බොඩි එකේ ගොඩක් ඇතුලට වෙන්ඩ හදලා තියෙන්නෙ. මේක නිසා එලියට heat signature දෙන ප්‍රමානය සෑහෙනට අඩු කරනවා.මීට අමතරව Exhaust coolin වාගෙ හේතු මතත් engine වලින් නිකුත් කරන Smoke trail එකෙ heat එක අඩු කරනවා. ආයෙත් කියන්නෙ මේවා රේඩර් වලට අහුවෙන්නෙ නැහැ කියලා එකක් නැහැ අහුවෙන අගය අඩු වෙන එක මිසක් 100%ක් invisible නැහැ.RCS එක 0.0001 m2 කියන්නෙත් 100%ම Radar invisible නෙමෙ.B2 වල මේ අගය 0.05-0.75 m² වගේ වෙනවා. ඒ අගය එහෙමනම් ඉතුරු ටික හිතාගන්ඩකො ඉතින්.🙃


Stealth යානවල Radar cross section එක ගැන බැලුවොත්.... 


Insect: 0.001 2 m²


Bird: 0.01 m²


F-1 17: 0.003 m²


F-35:0.005 m²


B-2 Bomber: 0.05-0.75 m²


F-16:4.0 m²


සාමනයෙන් Cardboard drone එකක් ගත්තත් මේ අගය 0.001-0.01 m² වගේ වෙනවා. අපිට Cardboard වලින් Aircraft හදන්ඩ බෑනෙ, ඒ නිසා B2 එකක් උනත් Low-frequency radars  VHF, UHF 


Over the horizon radar


Multistatic radar networks


Infrared search and track systems (IRST) වගේ ඒවලින් B2 ඩිටෙක් කරාගන්ඩ පුළුවන්.මීට අමතරව මේකට Optical/visual sensors වගේ දේවල් පාවිච්චි කරන්ඩ පුළුවන්.හැබැය් මේවල capability එක daylight එක සහා certain conditions මත තීරණය වන්ඩ පුළුවන්.


හරියට බැලුවොත් 1st gen F117 Nighthawk ඔය B2 වලට වඩා Stealth මීට අමතරව F22-F35 වගේ ඒවලත් RCS එක B2 වලට වඩා අඩුය්. හැබැය් Multidirectional and real-world radar environments කියන ඔක්කොම Overall Stealth feature වලින් B2 තමා අන්ක එකට එන්නෙ. ඒකය් ඕක ගැන ඔච්චරම උලුප්පලා කියන්නෙ. 


හැබැය් ඉතින් එහෙමය් කියලා B2 Spirit කියන්නෙ 100%ක්ම Radar වලට invisible යානයක්නම් නෙමෙ.පොඩි කුරුල්ලෙක් පියාඹනවා වගේ පොඩි Radar signature එකක් මේවලින් නිකුත් වෙනවා. හැබැය් මේ වාසිය අරගෙන මේවට පුළුවන් එනෙමි ටීම් එක මගින් මේක detect කරාගෙන intercept කරන්ඩ.දැන් ඉතින් කාට හරි හිතෙන්ඩ පුළුවන් එහෙනම් ඉතින් මේ Stealth කියන Technology එකෙන් වැඩක් නෑනේ කියලා. නෑ එහෙම නෑ.මේකෙන් කරන්නෙ ප්‍රහාරය සාර්ථකව සිද්ද කරලා පැනලා යන්ඩ අවශය කාලය අරන් දෙන එක.ඕක තමා Stealth technology එක භාවිතා කරන සරලම ආකාරය.😋


හැබැය් එහෙම නොවුනොත් අදාල ටාගට් එක සාර්ථකව විනාශ කරලා ශෙප් එකෙ මාරු වෙලා යනවනම් බොරු. නමුත් ඉතින් මේවෙලෙදි පාවිච්චි කරන උපකරණ හා ඒවා මෙහෙයවන පුද්ගලයන්ගෙ හැකියාව මත B2 එකක් බිම දාන්ඩ පුලුවන්ද? බැරිද?  කියන එක තීරණය වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නෙ. Iranලා B2 එකක් බිමදාය්ද?. 

Copied 👍

Shashi gunasekara

Post a Comment

0 Comments