බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සදහා පිරවුම්හල් වෙත ඒකරාශිවෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලිම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ඔවුන් සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තත්නම් කර ඇති බවයි එම සංස්ථාව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, බූලි සහ බැරල්වලට ඉන්ධන මිලදී ගැනීම සදහා පැමිණෙන පාරිභෝගිකයින් වෙත එලෙස ඉන්ධන ලබා නොදෙන ලෙසත්, ඊට පටහැනි ලෙස කටයුතු කළහොත් බෙදුම්කාරත්වධූරය සම්බන්ධව දැඩි විනයානුකූලව පියවර ගන්නා බවත්, ඉන්ධනහල් හිමියන් හට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සඳහන් කර තිබෙනවා.

0 Comments