Hot Posts

සිසුවකු අපයෝජනය කළැයි ගුරුවරයකු රිමාන්ඩ්

  

දෙ‍ළොස් හැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කළැයි කියන සිද්ධියකට අදාළ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් අනුරාධපුර ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිරප්පනේ අතුන්ගම පදිංචි විවාහක ගුරුවරයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක දොළොස් හැවිරිදි පිරිමි දරුවකුගේ දෙමාපියන් විසින්.

සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රංජිත් රාජකරුණා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිය සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව ඕනෑම ඇප කෙන්දේසියක් මත මුදා හරින ලෙසට නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

Post a Comment

0 Comments