ඔවුන් දෙදෙනා මේ සොයන්නේ මොනවාද..? හැමෝටම ඒක ප්‍රශ්නයක් වුණා..
හීනෙන් ආපු ආච්චි කෙනෙක් ඔහුගේ බිරිඳට කිව්වේ අපූරු කතාවක්..

ආච්චි කියපු කතාවේ හැටියට නම් මේ හැම දෙයක්ම ලැබුණොත් එකපාරම ගොඩයන්න පුළුවන්..
මොවුන් මැදි වියේ පසුවන යුවළක් වන අතර දරුවන් දෙදෙනකුගේ මවුපියන් වුණා.. එක් දියණියක විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින අතර පුතා තවමත් අධ්‍යාපනය ලබනවා.. නිවසේ ආර්ථික අගහිඟකම්ද විශාල වශයෙන් තිබුණා...
බොහෝ අවස්ථාවල නිවසේ මෙම යුවළ පමණක් රැඳී සිටින අතර එලෙස සිටින එක් අවස්ථාවක බිරිඳ සැමියාට අමුතු කතාවක් කීවා..
"මේ මට මේ ටික දවසක ඉඳල හීනෙන් ආච්චි කියල කෙනෙක් ඇවිත් කියනවා දුවේ උඹලා ඔච්චර දුක් විඳින්නේ ඇයි මගේ රත්තරන් බඩු අපේ මහ ගෙදර පෙට්ටියක් ඇතුළේ තියෙනවා ගිහින් අරන් වරෙන් කියල කියනවා" කියලා..
බිරිඳගේ මේ කතාව ඇසූ සැමියා ඇයට කීවේ ඇයි ඔහේට පිස්සුවක්වත් හැදී ගෙන එනවාදැයි අසමින් සමච්චල් කරමින්.. එදින ඒ කතාව එතැනින් අවසන් වුවද බිරිඳ සිය සැමියා හා තනි වන සෑම දිනකම මේ කතාව කියන්නට පටන් ගත්තා... ඇගේ හිතේ මේ රන් භාණ්ඩ මැවී පෙනෙමින් තිබුණා..
"අනේ ඔයා පොඩ්ඩක් හිතන්නකෝ ආච්චි කියන මේ රන් භාණ්ඩ අපට හම්බ වුණොත් මොනවා නම් අපට කරන්න පුළුවන්ද?"
සැමියා බිරිඳට දිගින් දිගටම මේ විකාර කතාව නවත්වන ලෙස කීවත් බිරිඳ එයට එකඟ වූයේ නැහැ.. ඇය කියන්නේ වරින්වර ආච්චි කියන කෙනෙක් ඇවිත් මේ පණිවිඩය කියන බැවින් මේකේ ඇත්තක් ඇති බවයි.. බිරිඳගේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිම තැන ඔය ආච්චි කවුද එයාගේ මහ ගෙදර තියෙන්නේ කොහෙද කියා ප්‍රශ්න කළා..
“ඒක තමයි ඒයි මටත් තියෙන ප්‍රශ්නේ. මොකද මගේ ආච්චි නම් මම හොඳට අඳුනනවා. මෙයා අපේ ආච්චි නෙවෙයි. මේ ආච්චි ටිකක් උසයි. කොණ්ඩය සුදුම සුදු පාටයි. ඇස් හරිම ලස්සනයි." ගැඹුරු පැහැදිලි හඬන් කතා කළා යැයි කීවා..
"අපේ ආච්චිට නම් ඔය වගේ ලක්ෂණ තිබුණා.." සැමියා කීවා.. ඔහු විවාහ වන අවස්ථාවේ ඔහුගේ ආච්චි ජීවතුන් අතර සිටියේ නැති නිසා බිරිඳ ඇයව දැක තිබුණේ නැහැ..
බිරියත් එයට පොහොර දමමින් ඇත්ත ඇත්ත ඔය ගොල්ලන්ගේ ආච්චි වෙන්න ඇති තමා.. ඒ ආච්චි එයාගේ රත්තරන් ටික ඔයාට දෙන්න තියා ගෙන ඉන්න ඇති.. ඔයා බඳින්න කලින් එයා නැති වුණානේ ඒකයි මේ හීනෙන් ඒවා දෙන්න හදන්නේ.. ඇය සිය කතාව සාධාරණිකරණය කළා..
සැමියාටද දැන් දැන් ඇගේ කතාව ගැන සුළු වශයෙන් පැහැදිමක් ඇති වෙමින් තිබුණා.. තමන්ට අසිමිතව ආදරය කළ බවත් ඇය සතු සියලු දේ තමන්ට දෙන බව පැවසූ අයුරුත් සැමියාට මතක් වුණා..
ඒත් ආච්චිගේ මහ ගෙදර දැන් ඉන්නේ ඔහුගේ මවගේ සහොදරියකගේ දරුවන් සහ ඔවුන් විවාහ වී සිටින පිරිසයි.. ඔවුන් සමඟ මෙම පවුල එතරම් ඇයි හොඳැයියක්ද නැහැ.. වසර ගණනාවකින් ඒ පැත්තේ ගිහින්ද නැහැ.. මේ හදිස්සියේ එහේ යන්නේ කොහොම දැයි ද ගැටලුවක් මතු වුණා... නමුත් බිරිඳ ඒ සියල්ල අමතක කර කෙසේ හෝ යමු යැයි කීවා.. සැමියා එයට එකඟ නොවී ඔයා ඉන්න මම ගිහින් බලන්නම් යැයි කියා ඔහු තම ඥාතින් සොයා ගියා...
ඔහු යන විටත් නිවස ඉදිරිපිට හඳුනා ගත හැකි කෙනකු නොසිටියා... මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවකු සිය අම්මාට කතා කළේ කවුදෝ ඇවිත් කියලයි.. නිවසට ගිය ඔහු සිය ඥාති සොහොයුරිය පිළිගත් අතර ආගිය තොරතුරු කතා කළා... කතා බහ ඉවර වී තේද පානය කිරීමෙන් පසුව සැමියා නිවස පුරා ඇවිදිමින් පැරණි පෙට්ටිය සොයන්නට වුණා... ඔහු පසු පස ඥාති සොහොයුරියද ඇවිද ගියා.. මොකක්ද අයියේ හොයන්නේ ඇය ඇසුවා.. නංගි ආච්චි පාවිච්චි කරපු පෙට්ටියක් තිබුණා නේද.? කෝ ඒක.. ඒ ඇයි ඇය ඇසුවා.. ඒකේ මගේ බඩු වගයක් තිබුණා.. යැයි කීවා..
මෙහේ එහෙම පෙට්ටියක් තිබුණේ නෑනේ.. ඥාති සොහොයුරිය කොතෙක් කිව්වත් නොඇසූ ඔහු නිවස පුරා ඇවිදිමින් පෙට්ටිය සොයන්නට වුණා... තම දරුවන්ගේ කාමරවලද ඇවිදිමින් බඩු ඇද ඇද යනු දුටු ඥාති සොහොයුරිය සිය දරුවන්ටද මේ බව දැන්වුවා..
මේ අවස්ථාවේ නිවසින් පිට සිටි දරුවන් දෙදෙනා නිවසට පැමිණ තමන් දැක නැති මොහු නිවසේ බඩු ඇද දමමින් නටන නාඩගම දැක මිදුලේ තිබූ කිතුල් පොල්ලක් ගෙන ඔහු දිගට හරහට පහර දී ඇති අතර පොලිසියට බාර දීමටද උත්සාහ කර තිබෙනවා.. කර කියා ගත හැකි දෙයක් නොවූ ඔහු හැරී නොබලා දුවන්නට පටන් ගත්තා.. බිරිඳගේ හීනය හැබෑ කරන්න ගිය ඔහුට සිදු වූයේ බිරිඳ ලවාම තැල්මට පත්තු බඳින්නටයි..

0 Comments