Hot Posts

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට

 

වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කල බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසනවා.

ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී වෛද්‍යවරුන් දෙදෙනකු වෙත යොමු කිරීමෙන් පසුව වෛද්‍ය අධීක්ෂණයට ලක් කෙරුණා.

2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී මෙරට ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනපතිවරයෙකු ලෙස ඔහු අත්අඩංගුවට ගැනුනා.

අනතුරුව ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

Post a Comment

0 Comments