Hot Posts

ඒ ඒ ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්.. බොහෝ දෙනෙක් කතා වෙන ඒ සිද්ධිය ගැන ඇසෙන කතාව මෙන්න..

 

උදෑසන සිට කොළඹ ජාතික රෝහල සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව හිරු වාර්තාකරු පවසනවා..

ජනාධිපති ධුරය දැරූ සමයේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක පැවති බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට, රජයේ මුදල් වැයකර සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පසුගිය 22 වැනිදා අත්අඩංගුවට පත් වීමෙන් පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා...

එහිදී සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්අඩංගුවට පත් වූ දිනයේම ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා...

මේවන විටත් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා..

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) යළි කැඳවීමට නියමිතයි..

මේ අතර කොටුව උසාවියට ප්‍රවේශ වෙන මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා..

උසාවියට ඇතුළු වෙන මාර්ග, මාර්ග බාධක යොදා සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම වළක්වා තිබෙන බවයි හිරු වාර්තාකරු පවසා සිටියේ..

Post a Comment

0 Comments