අපේ රටට විදේශ විනිමය ලැබෙන තවත් එක් ප්‍රධාන මාර්ගයක් තමයි ඇඟලුම් සේවය කියන්නේ..
ඒත් මේ ඇසෙන්නේ ඒ ගැන ඔබ හිතන තරම් සුබදායි දෙයක් නෙවෙයි.. ඔබ දන්නවාද ලංකාවේ ඇඟලුම් කර්මාන්ත සේවකයන්ගෙන් සියයට දාහතක් (17%) විෂාදයෙන් පෙළෙන බව.. ශ්‍රී ලංකා මනෝ විශේෂඥ වෛද්‍ය සංගමය විසින් මේ බව අනාවරණය කර තිබෙනවා.. එම සංගමයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සිදුකළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා..
මෙම සමීක්ෂණය සඳහා ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් තුන්සිය අසුඑක් දෙනකු සහභාගී කරගෙන ඇති අතර, එම පිරිසෙන් ඇඟලුම් සේවිකාවන් බහුතරයක් විෂාදයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා..
මෙසේ විෂාදය ඇතිවීමට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ තමාගේ සහකරුගෙන්, සහකාරියගෙන් වෙන්වීම, රාජකාරි වේලාවට අමතර වේලාවේදී සේවයේ යෙදීම යන කාරණා හඳුනාගෙන තිබුණා..
ශ්‍රී ලංකා මනෝ විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කරන්නේ ආසියානු රටවල මානසික අවපීඩනය වර්ධනය වීමේ ඉහළ අවදානම් සහිත ජනගහනයක් ලෙස ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන් හඳුනාගෙන ඇති බවය..
ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රම බළකායේ අඩු ඵලදායිතාවය සඳහා අවපාතය මෙම තත්ත්වය ඇතිවීමට අවදානම් සාධකයක් ලෙස පිළිගෙන ඇත..
එම නිසා ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන්ගේ මානසික අවපීඩනය හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිකාර කිරීම මගින් ඵලදායිතාව සහ පොදුවේ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකි බවද ශ්‍රී ලංකා මනෝ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කර සිටියි..

0 Comments