
අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරිමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් (NSB) මේ වන විට යොදා ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
අස්වැසුම ප්‍රතිලාභීන් බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා විවිධ දුෂ්කරතාවලට පත් වීම අවම කිරීම සඳහා මෙසේ ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙනුත් බැංකු ගිණුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවටයි සඳහන් වන්නේ.
එසේම, වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීන් ,බැංකු ගිණුම් ආරම්භ කිරිම සඳහා හැටන්, ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ රැදි සිටින අතර, රාගල, තලවකැලේ සහ නාවලපිටිය යන බැංකු ශාඛා වලද අස්වැසුම ගිණුම් ආරම්භ කරන බවත්, අද (23) දිනත් එම ප්‍රතිලාභීන් වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරිමට බැංකු ශාඛා විවෘත කර තිබෙන බවද සඳහන්.
0 Comments