Hot Posts

දික්කසාද පෙම්වතා සමග ගිය පාසල් සිසුවිය

   

දික්කසා ද වී සිටි පුද්ගලයකුගේ නිවසට දැරිය පිටත් කර යවලා......

මිස් කෝල් එකක් නිසා ප්‍රේම සම්බන්දයක් ඇතිකරගෙන......

ස්වාමිපුරුෂයා තමාට පහර දෙන බවට ලාබාල දැරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ දික්වැල්ල පොලිසිය එම දැරිය 14 හැවිරිදි වියේදී දූෂණය කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු හා ඊට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති දැරිය දූෂණය කළ බව කියන දෙදෙනා කොළඹ හා අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වන අතර මෙම දැරිය 14 හැවිරිදි වියේදී ‘මගහැරුණු දුරකථන ඇමතුමක්’ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් දැරිය පළමු වරට දුෂණය කර ඇති බව හෙළි වී ඇති අතර පසුව දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි එම තරුණයා දැරියගේ නිවසේ මාසයක පමණ කාලයක් ඉඳ රහසේම දැරිය මගහැර ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශකරනවා.

අනතරුව දෙමව්පියන් විසින් අසල්වැසි කාන්තාවක් ගෙනා විවාහා යෝජනාවක් පරිදි අම්බලන්තොට ප්‍රදේශයේ 33 හැවිරිදි විවාහයෙන් දික්කසා ද වී සිටි පුද්ගලයකුගේ නිවසට දැරිය පිටත් කර යවා ඇත්තේ වයස අවුරුදු 18 පිරුණු පසු විවාහ කර දීමේ අපේක්ෂාව මත බවයි වාර්තාවන්නේ. 

නමුත් කලත් ගතවෙද්දී එම පුද්ගලයා දැරියට පහරදීම නිසා එම හිරිහැරය දරාගත නොහැකිව දැරිය පැමිණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පුද්ගලයින් දෙදෙනාට අමතරව විවාහ යෝජනාව ගෙනන ලද 52 හැවිරිදි අසල්වැසි කාන්තාව හා අම්බලන්තොට ප්‍රදේශයේ සැකකරුගේ මව වන 62 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ.සිල්වා හා මාතර හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ මගපෙන්වීම මත මාතර 01 පොලිස් අධිකාරී විජේගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් දික්වැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.පී.ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයන්ක කරවිට මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් (55828* ශාන්ත, කාන්තා පොලිස් සැරයන් (1616* විනීතා, පොලිස් කොස්තාපල් (68082* මධූෂ, (86322* සේරම්, (89309* කුමාර යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

Post a Comment

0 Comments