Hot Posts

බොරැල්ලේ වෙඩි වරුසාවක් (වීඩියෝ)

 

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවයි. 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටීමක් බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක සංවිධාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.


තුවාල ලැබූ සියලු දෙනා පිරිමි පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.


Post a Comment

0 Comments