Hot Posts

"කිසි වරදක් නෑ... දැන් ලයිට් දාගන්න" - විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්... අගනුවරින් ඇහෙන පුදුම හිතෙන කතාවක්...

 

නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය.

''සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි ආවේ."
 ඔවුහූ කීහ.

නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ එබඳු වරදක් නොකළ නිසාය. "පොඩ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවී" කී ඔවුහු නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී අඳුරේ බලා සිටියහ.

කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂා කළ එක් අයෙක් "කිසි වරදක් නෑ. සමාවෙන්න දැන් ලයිට් දාගන්න" කියා සිය යතුරු පැදිය පණ ගැන්වීය.

නොගැලපෙන පෙම් සබඳතාවක් නිසා නිවාස අඩස්සියේ සිටි බාල දුව නිවසේ නැති බව මොහෙතකට පසුව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහි විය.

පසුවදා ඔවුන්ට දැන ගන්නට ලැබුණේ පෙරදා පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව ඇගේ පෙම්වතා සහ යහළුවකු බවයි.

Post a Comment

0 Comments