Hot Posts

පාරෙ ඉන්න බල්ලන්ට වෙන්න යන දේ

 

මේ කියන්න යන්නේ එරට රජය ගත් තවත් විශේෂ තීරණයක් ගැන කතාවක්.. 

අයාලේ යන සුනඛයන් අල්ලා ආරක්ෂක ස්ථානවල තබාගැනීම වහාම ආරම්භ කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලි රජයට සහ සිවිල් ආයතනවලට නියෝග කර තිබෙනවා...

මෙය එරට බලවත් විවාදයකට පත්ව ඇති කාරණාවක් වන අතර, දිල්ලියේ පමණක් අයාලේ යන බල්ලෝ ලක්ෂ දහයක් සිටින බවයි වාර්තා වෙන්නේ..

මේ බල්ලන්ට පහසුකම් සැලසීමට දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවට නොහැකි අතර, බල්ලෙකුගේ සපාකෑමකට හෝ පහරදීමකට බියෙන් තොරව නිදහසේ ගමන් කිරීමට මිනිසකුට ඇති මූලික අයිතිය අවධාරණය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය දී තිබෙනවා..

මෙම නියෝගය අනුව අයාලේ යන සුනඛයන් ඔවුන් වෙනුවෙන් කැපවූ සුනඛ නවාතැන් වෙත ගෙන යා යුතු අතර ඔවුන් නැවත වීදිවලට මුදා නොහැරිය යුතු බව අවධාරණය කර තිබෙනවා..

ඉන්දීය රජයේ දත්ත අනුව 2024 දී රට පුරා සුනඛ සපාකෑම් 37,15,713 ක් සහ දිල්ලියේ සුනඛ සපාකෑම් 25,201 ක් වාර්තා වී ඇති අතර, එම වාර්තාවට අනුව ජනවාරි මාසයේදී පමණක් දිල්ලියේ සුනඛ සපාකෑම් 3,196 ක් වාර්තා වී තිබෙනවා..

Post a Comment

0 Comments