දේශපාලනික සහ සමාජීය හේතුන් මත සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට ඇතැමුන් ප්‍රසිද්ධ මාධ්‍ය ධාරාවන්හි පුවත් ආකෘති භාවිතා කරනු අපට පසුගිය කාලය පුරාවටම අපට දැක ගන්නට ලැබුණා. එලෙස ප්‍රධාන පුවත් මාධ්‍යක දැක්වූ ප්‍රවෘත්තියක් ලෙසට හඟවමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කළ තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
‘සනීප නෑ – saneepa na’ නම් ෆේස්බුක් පිටුවේ “ඉල්ලිම් දෙයි දැං මිනිහා ” යනුවෙන් සඳහන් කරමින් පුවත්පතක පළ වූ වාර්තාවකින් ලබාගත් ඡායාරූපයක් බවට හඟවමින් ඡායාරූප සටහනක් එක් කර තිබුණා.
පුවත්පත් ලිපියේ සිරස්තලය ලෙස දක්වා තිබුනේ “ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවෙයි” යනුවෙනි
“ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වර්ජනයට සඳහා සහභාගී වූ ගම්පහ ප්‍රදේශයේ 31 හැවිරිදි ගුරුවරියක් ඇය සේවයේ නියතු පාසලේ වෙනත් ගුරුවරයෙකු….”
“සැමියා ලබා දුන් දුරකථන ඇමතුම් මග හැරීම නිසා සැක පල වූ පසු ඇයගේ මිතුරු ගුරුවරියක් මාර්ගයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් දෙදෙනා….” ලෙස ද එම පුවත් පත් වාර්තාවේ සඳහන් වී තිබු බව දක්වා තිබුනේ මෙලෙසින්
0 Comments