
පසුගිය පස්වැනි අඟහරුවාදා පස්වරුවේ ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් සියඹලා ගසක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරෙන් විසිඑක් හැවිරිදි තරුණියක එම ස්ථානයේදීම මියගොස් එහි ගමන් කළ පස්දෙනෙක් බරපතළ තුවාල ලැබූවා.
මියගිය තරුණියගේ පෙම්වතා ත්‍රිරෝද රථය පදවා ඇති අතර ඔහුගේ දකුණු පාදය කැඩී වම් පාදයේ පහළ කොටස කැපී වෙන්වී ඇති බවයි ගල්නෑව පොලිසිය පවසන්නේ.
විජිතපුර, පුලියන්කුලම ප්‍රදේශයේ එකම පවුලේ පිරිසක් මෙම දරුණු අනතුරට මුහුණපා තිබෙනවා.
මියගිය තරුණියගේ මව, පියා අක්කා සහ අක්කාගේ දරුවා මෙලෙස බරපතළ තුවාල ලබා අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මියගිය දසුනි නෙත්මා පෙරේරා කලාවැව ප්‍රදේශයේ රූමත් තරුණියකි. ඇය විජිතපුර මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇය කලාවැව ප්‍රදේශයේම සිටි රූමත් තරුණියක් බවයි.
ඇයගේ අතගැනීමට සිටියේ මහනුවර හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙක් බව සදහන්.
දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් අනුව විවාහය සිදු කිරීමට අවශ්‍ය නැකත් කටයුතු බලා ගැනීමට ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයට ගොස් එන අතරතුර මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.
මියගිය දසුනිගේ පියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කලාවැව දසුනි නෙත්මාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිත අතර සිදුවූ අනතුර පිළිබඳව ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
0 Comments