අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි නැමැත්තිය පැහැර හැර ඇති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අයකර ගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඊයේ මේ බව දැනුම්දුන්නා.
2022, 2023 වර්ෂ සදහා අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් සහ පියුමි හංසමාලි නැමැත්තිය රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවයි මෙහිදී දේශීය ආදායම් කෙමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ.
මේ අතර, මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 175කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම ජාවාරම්කරු ජයසිංහ ආරච්චිගේ හේමන්ත හෙවත් බතල මහත්තයා ලෙසයි හදුනාගෙන ඇත්තේ.
0 Comments