පාසල් සිසුවියන් 16 දෙනෙක් පමණ ලිංගික අපයෝජනය කරමින් සැඟව සිටි උපකාරක පන්ති ගුරුවරයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම කාර්යාංශය කියා සිටියේ සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත්ය.
කළුතර උතුර ගාලු පාරේ පෞද්ගලික පන්ති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පන්ති පවත්වා එහි දැරියන් ද අපයෝජනය ලක්කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ කසාඳ බිරිඳ කළුතර පොලීසිය පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරික්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනය ලක් කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණය වී දෙමාපියන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments