Hot Posts

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

 

අවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) දින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව, පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, සහ වාද්දුව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මෙම ජල කප්පාදුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළ කරන අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments