"සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක් හෙරොයින් එක්‌ක අහුවුණා..."
විදේශ සංචාරකයන් එන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වැඩිය තියෙන දකුණු පළාතටත් වැඩිය කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස් ස්‌ථාන 05 කින් මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වෙනවා.
විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම් ව්‍යාප්ත වෙලා. වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා එලෙස පවසනවා.
"පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක් හෙරොයින් එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් තුන් දෙනෙක් හා පිරිමි දරුවන් තුන් දෙනෙක් නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි.
ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස් වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක් හෙරොයින් බොන්න පුරුදු වෙලා ඒක විෂ වෙලා මාස දෙකක් රෝහලේ දුක් විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි..." ඔහු වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

0 Comments